පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක පිලිස්සී මියයාමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහුගේ මාමණ්ඩියට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෝසමක් මගින් ඔහුගේ නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙම ඉල්ලීම සිදුකර තිබුණේ සැකකරුට කොරෝනා ආසාදනය වී ඇති බව පවසමින්.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රැඳවියකුට කොවිඩ් ආසාදනය වූ පමණින් ඇප ලබාදිය නොහැකි බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මෙනෙවිය එහිදී සඳහන් කර තිබෙනවා.
එමෙන්ම සැකකරු බන්ධනාගාර රෝහලට මාරුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට වැඩිදුරටත් නියම කර තිබෙනවා.
