පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ ජූට් කුමාරි ඉෂාලිනී දැරියගේ මරණය සම්බන්ධ විමර්ශන යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද ඇතුලු සැකකරුවන් 04 දෙනා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රිෂාඩ් බදියුදීන්ගේ බිරිද / බිරිඳගේ සොයුරා / බිරිඳගේ පියා සහ දැරිය කොළඹට රැගෙන ආ තැරැව්කරුයි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවියයි නියෝගය ලබාදුන්නේ.
දැරියගේ මළ සිරුර ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිළධාරීන් කණ්ඩායමක් පත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කරනු ලැබුවා.
