හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි මියගිය දැරියගේ සිරුර විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ රැගෙන යන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මහෙස්ත්‍රාත් ලූෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය විසිනුයි අද එම නියෝගය ලබාදුන්නේ.
දැරියගේ සිරුර ගොඩගෙන යලිත් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිම සදහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කල කරුණු දැක්විමකදී මහේස්ත්‍රාත්වරිය මේ බව සඳහන් කලා.
ඇය නියෝග කරනු ලැබුවේ වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ද සහභාගි කර ගනිමින් නිරෝධායන උපදෙස් වලට අනුකුලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදි හෙට පෙරවරු 08.30 ට සිරුර ගොඩගෙන දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසයි.
