පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී මියගිය 16 හැවිරිදි දැරියගේ දේහය නැවත ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ සදහා අධිකරණය විසින් පත්කල ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ මඩුල්ලට අමතරව මහනුවර මහේස්ත්‍රාත්වරයා / ඩයගම ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුලු ක්ෂේත්‍රයේ විශේෂඥයින් රැසක්ද සහභාගී වී සිටිනවා.
නිව්ස් රේඩියෝ වාර්තාකරු කියා සිටියේ මේ වනවිට ඩයගම ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බවයි.
