රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අතර පදිකයින් තුන්දෙනෙකුද වන බවයි පොලිසිය සදහන් කළේ.
මේ දිනවල සිදුවන මාර්ග අනතුරුවලට ප්‍රධානව බලපා ඇත්තේ යතුරු පැදිකරුවන් අධික වේගයෙන් රිය ධාවනය කිරීම සහ රියදුරන්ගේ නොසැළකිලිමත්කම නිසා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
