ශ්‍රීලංකාවේ පළමු සෆාරි සත්ව උද්‍යානය වන හම්බන්තොට සෆාරි සත්වෝද්‍යානයේ දැනට මහජනතාව සඳහා විවෘත කොට තිබෙන්නේ එම සෆාරි උද්‍යානයට නියමිත භූමි ප්‍රමාණයයෙන් කොටසක් පමණි.
එහි අක්කර 34කින් සමන්විත වන දෙවන කොටස ඔක්තොබර් මස 04 වන දින මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
ඔක්තොබර් මස 04 දිනට යෙදී තිබෙන ලෝක සත්ව දිනයට World Animal Day සමගාමීව රිදියගම සෆාරි උද්‍යානයේ දෙවන කොටස විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපරාත්මේන්තුව සැලසුම් කර තිබේ.
රිදියගම සෆාරි උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවා තිබේ.
දැනට ඉන් අක්කර 200 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කොට ඒ තුල පරිපාලන ගොඩනැගිලි, සත්ව රෝහල, නරඹන්නන්ට පහසුකම් සලසන ස්ථාන, අලෙවි හල් වාහන නැවතුම් ස්ථාන ආදිය හා සත්ව කලාප කිහිපයක වැඩ නිමකර ඇත.
මේ සත්ව කලාප වන්නේ අක්කර 35 ක පමණ භූමි ප්‍රදේශයක පවතින අප්‍රිකානු සිංහ කලාපය, අක්කර 80 ක පමණ පැතිරී ඇති ශාඛ භක්ෂක සතුන් කලාපය හා අක්කර අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපය හා බෙංගාලි ව්‍යාග්‍රයන්ගේ කළාපයයි.
ලබන මස 04 දින විවෘත කිරීමට යෝජිත කළාපය තුළ කළාප තුනකින් සමන්විතය. එහි කුඩා ශාක භක්ෂක සතුන් ( ගෝනමුවා, ඕළුමුවා, මීමින්නා, වැනි මුව වර්ග) සඳහා වන කළාපයක් හා සුරතල් සතුන් සමග විනෝදවීමට ළමුන් සඳහා ඉදි කළ කළාපයක් ද මෙම නව කොටසෙහි ඉදි කර තිබේ.
ඊට අමරව සත්ව අභිජනන සංරක්ෂණ මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇති අතර එම කොටස නරඹන්නන් සදහා විවෘත නොකෙරේ.
සුරතල් සතුන්ට ආහාර ලබා දීම, හා එම සතුන් සමග ඡායාරූප ගැනීම වැනි අවස්තාවන්ට ද මෙහි ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
