අනුරාධපුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් කොල්ල කෑමේ සිද්ධියකට අදාලව පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලී ගමනක් යායුතු බව පවසා තවත් පුද්ගලයෙකු සමග මෙම සැකකරු ඊයේ රාත්‍රි කාලයේදී අදාල ත්‍රිරෝද රථය වෙත ගොඩ වී ඇති අතර එම ගමන අතරතුරදි මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේශඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ රාත්‍රී කාලයේ කුලී ගමන් යාමේදී ත්‍රීරෝද රථ රියදුරන් විශේෂ අවධානයෙන් පසුවිය යුතු බවයි.