සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අද සිට සියලූම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් පසුගිය සිකුරාදා දිනයේදී රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාට දැනුම් දෙනු ලැබුවා.
ඒ අනූව කොවිඩ් ව්‍යාප්තිය පාලනය පහසු කිරීම සඳහා ක්‍රියාත්මක වූ සීමිත කාර්ය මණ්ඩල කැදවීමේ පදනම සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලූම චක්‍රලේඛද අද සිට අවලංගු කෙරෙනු ඇති.
මේ වනවිට මෙරට රාජ්‍ය සේවකයන් බහුතරයක් එන්නත්කරණයට ලක්ව ඇති බැවින් රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි රජයේ මතය වී ඇත්තේ.