සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේච්චනය කිරීම වළක්වමින් රාජ්‍ය සේවකයන්ට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛය වහා හකුළා ගන්නැයි සමගි ජන බලවේගය අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ මෙමගින් හමුදා පාලනයක පෙරනිමිති පෙන්නුම් කෙරෙන බවයි.
මේ අතර ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් සිදුකල අසභ්‍ය ප්‍රකාශය පිළිබඳ අවසන් තීරණය කුමක්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තළතා අතුකෝරළ මහත්මිය මුලසුනෙන් විමසා සිටියා.
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා එහිදී සඳහන් කලේ මේ පිළිබඳ කථානායකවරයාගේ අවධානයට යොමු කරන බවයි.