පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා ඇතුළු පිරිසක් තමන් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට මූල්‍ය පහසුකම් ඇතුළු පහසුකම් සැපයූ බවට ද්වේශ සහගතව ප්‍රකාශයක් කර ඇති බවයි සුරේෂ් සලේ මහතා පෙන්වා දෙන්නේ.
ඒ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවත් මෙවැනි අසත්‍ය චෝදනා මගින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සේවය කරන නිලධාරීන් අපහසුතාවට පත්වන බවත් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.