රාජ්‍ය සේවකයන්ට එක් දිනක් නිවසේ රැඳී සිට කෘෂිකාර්මික හා වගා කටයුතුවල යෙදීමට අවස්ථාව සළසාදීම සඳහා සිකුරාදා දිනවල රාජ්‍ය කාර්යාල වසා තැබීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම චක්‍රලේඛයට අනුව ජලය – විදුලිය – සෞඛ්‍ය – ආරක්ෂක – අධ්‍යාපන – ප්‍රවාහන – වරාය සහ ගුවන් තොටුපළ ආදී අත්‍යවශ්‍ය සේවා සඳහා එම නිවාඩු දිනය හිමිවන්නේ නැහැ.
කෘෂිකාර්මික කටයුතු නිසි ලෙස සිදුවන්නේ දැයි අධීක්ෂණයට වැඩපිළිවෙලක් සකස් කිරීම – නිවසේ සිට රාජකාරි කරන්නේ නම් එම රාජකාරි ඒ අයුරින්ම ඉටු කිරීම වැනි කරුණු එහි දක්වා තිබෙනවා.
මෙම විධිවිධාන ලබන 24 වන දින සිට ක්‍රියාත්මක කල යුතු වනවා.
චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සිකුරාදා දිනයේ වසා තබනු ලබන කාර්යාලවල නිලධාරීන් එසේ වසා තැබූ සිකුරාදා දිනයේ දී හෝ ඉන්පසු ව වහාම එළඹෙන සෙනසුරාදා හෝ ඉරිදා හෝ යන දිනවලදී අතිකාල පදනමින් හෝ නිවාඩු දින වැටුප් ගෙවීමේ පදනමින් හෝ සේවයේ නොයෙදිය යුතු බවයි.
චක්‍රලේඛය: https://www.pubad.gov.lk/web/images/circulars/2022/S/1655366884-15-2022-s.pdf