කොවිඩ් වෛරසයේ බලපෑම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් මෙරට රාජ්‍ය මූල්‍ය තත්වය දැඩිලෙස පිරිහීමට ලක්ව ඇති බව මුදල් අමාත්‍යංශය අවධාරණය කරනවා.
එහි ලේකම් එම් එම් සිරිවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ණය තත්වය තිරසාර නොවන බවට තක්සේරු කර ඇති බවයි.
ඒ අනුව මෙරට මූල්‍ය තත්වය යළි යථා තත්වයට පත්කිරීමේ අරමුණින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහය ලබා ගැනීමට ප්‍රවේශ වී ඇති බවද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළා.