රාජ්‍ය කාර්යාල සඳහා සිකුරාදා දිනය නිවාඩු දෙනු ලැබුවද අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බව දක්වමින් අධිකරණ සේවා කොමිසම විසින් චක්‍රලේඛවක් නිකුත් කර තිබෙනවා.
සියලුම මහාධිකරණ විනිසුරුවරුන් – අධිකරණ නිළධාරින් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරි වෙතයි එය යොමුකර ඇත්තේ.
සිකුරාදා දිනවල අධිකරණ කටයුතු සිදුකරනු ලැබුවද රාජකාරියට කැඳවිය යුතු වන්නේ අත්‍යවශ්‍යම සේවකයන් පමණක් බවද මෙහි දක්වා තිබෙනවා.