රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගීන්ගේ අධික තදබදයක් පවතින බවට සමාජ මාධ්‍ය ජාල තුල වාර්තා පළවීමත් සමග තවත් වාට්ටු කිහිපයක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මේ පිළිබද සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ පස්වරුවේ රාගම ශික්ෂණ රෝහලේ නිරික්ෂණ චාරිකාවක නිරත වුණා.
රෝහල් අධ්යක්ෂවරයා සමග සාකච්ඡා කර එහිදී මෙම තීන්දුව ගත් බවයි අමාත්‍යවරිය සඳහන් කලේ.