තේ සහ එලවළු වගාවට රසායන පොහොර ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගතිශීලි සන්ධානය අද බගවන්තලාව නගරයේදි උද්ඝෝෂණයක නිරත වුණා.
රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් තේ වගාවේ ඵලදාව අඩු වී ඇති බැවින්, වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වයද පහල වැටී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහල යාම හමුවේ වතුකරයේ ඇතුලු සමස්ත රටේ ජනතාවගේම ජිවන වියදම ඉහල ගොස් ඇති බවද මෙම අවස්ථාවට එක්වෙමින් දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ සාමාජිකයින් පෙන්වා දුන්නා.
මෙම එම උද්ඝෝෂණ අතරතුර මාධ්‍යයට අදහස් පළකල මනෝ ගනේෂන්-පලනි දිගම්බරන් සහ වී රාධාක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන්.