රසායනික පොහොර ඇතුලු කෘෂි රසායන ආනයනය සඳහා යළි අවසරදීමට අදාල ගැසට් නිවේදනය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගත් අතර එහිදී විපක්ෂයේ මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
පසුගිය දිනවලදී එළවලු මිල අනපේක්ෂිත ලෙස ඉහළගියේ පොහොර අර්බුදය නිසා නොවන බවත් අයහපත් කාළගුණය ඊට හේතු වූ බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා විවාදයේදී සඳහන් කළා.
කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවත් ඉතිහාසයේ ප්‍රථමවරට මෙරට කෘෂිකර්මාන්තය සම්බන්ධ දත්ත ගබඩාවක් පවත්වාගෙනයාමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී කියා සිටියා.