රඹුක්කන විරෝධතාකරුවන් විසුරුවා හැරීමේදී පොලිසිය විසින් ප්‍රමාණය ඉක්මවා බලය භාවිත කර ඇතිදැයි පොලිස් මූලස්ථානයේ මට්ටමින් විමර්ශනයක් සිදුකරන බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා පවසනවා.
නිකුත් කරමින් ඔහු කියාසිටියේ ඉන්ධන ලීටර් 30,000 ක් අඩංගු වූ බවුසරයකට ගිනි තැබීමට විරෝධතාකරුවන් උත්සාහ කිරීම වැළැක්වීමට අවම බලය යෙදවීමට සිදුවූ බවයි.
රඹුක්කනදී පොලිස් නිළධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කලේ දැයි සොයා බැලීමට රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන මණ්ඩලයක් පත්කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා කියාසිටියේ අතිරේක ලේකම්වරයෙකු සහ ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශකවරයාද මෙම මණ්ඩලයට ඇතුළත් බවයි.