අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවී සිරදඩුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා වහා නිදහස් කරන්නැයි නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එම ව්‍යාපාරය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පෙන්වා දුන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා මේවනවිටත් ලබා ඇති දඩුවම ප්‍රමාණවත් බවයි.
අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් මෙරට නීති පද්ධතිය තුළ නීති ප්‍රතිපාදන නොමැති බැවින් මීට අදාලව කඩිනමින් පනතක් සම්මත කරන ලෙසත් ඒ සදහා අවශ්‍යනම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත උපයෝගී කරගන්නා ලෙසත් කරුණාරත්න පරණවිතාන මහතා රජයෙන් ඉල්ලා සිටියා.
