සංචරණ සීමා පනවා තිබීම නිසා තැපැල් කාර්යාලවලින් රථ වාහන දඩ ගෙවීම සඳහා ලබාදී තිබූ සහන කාලය මේ මස 14 වැනිදා (ඉරිදා) අවසන් වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
ඔක්තෝබර් මස 31 දින සිට කරන ලද වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා සඳහා මේ මස 14 වැනිදා දක්වා අතිරේක දඩ මුදල් අය නොකරන බව කී රංජිත් ආරියරත්න මහතා ඉන් පසුව දින 28 ක් දක්වා අතිරේක දඩ මුදල් අයකර භාර ගන්නා බව ද සඳහන් කළේය.
මේ මස 1 වැනිදා සිට නිකුත් කළ දඩ පත්‍රිකා සාමාන්‍ය පරිදි දින 14 ගණනය කර දඩ මුදල් බාරගෙන දින 28 ක් දක්වා වූ දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් අයකර බාරගන්නා බවත් දින 28 ක කාලය ඉක්මවූ රථ වාහන දඩ පත්‍රිකා භාරනොගන්නා බවත් තැපැල්පතිවරයා වැඩි දුරටත් කීය.