මන්නාරම ඕලූතුඩාව රක්ෂිතයේ යුධ සමයේදී වළ දමා ඇති රත්‍රං සෙවීමේ අරමුණින් කැනීම් සිදුකරමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්නාරම පොලිසියට ලද තොරතුරක් මත මන්නාරම 54 බලසේනා කඳවුරේ නිලධාරින් හා ඒකාබද්ධවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
මෙම සැකකරුවන් සමග මෝටර් රථයක්, විදුළි ජනක යන්ත්‍රයක් හා කැනීම් කිරීමට යොදාගන්නා දේපල සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 26 ත් 60 ත් අතර වයස්වල පසුවන හෙට්ටිමුල්ල / කොටියාකුඹුර / පානදුර/ බොරලන්ද සහ හල්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.
මොවුන් අද මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මන්නාරම පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.