කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවේක්ෂණ රාජකාරි නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී රහසිගතව සන්තකයේ තබා සිටි රත්‍රං කිලෝ ග්රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් මගියෙකු ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති වැසිකිලියේ දිගු කාලයක් රැදී සිටීම සම්බන්ධයෙන් සැක සිතී සිදුකළ පරීක්ෂා කිරීමකදීයි මෙම රත්‍රං සොයා ගෙන ඇත්තේ.
එහිදී සැකකරු සන්තකයේ තිබී අදාළ රත්‍රං ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා ජෙල් සහිත ග්රෑම් 430 බැගින් වූ රත්‍රං ගුලි 03ක් ලෙස තිබී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙම ඉන්දීය ජාතික සැකකරු අද අලුයම පිටත්වීමට නියමිත ගුවන්යානයකින් චෙන්නායි බලා විදේශගත වීමට පැමිණි මගියෙකු බව සදහන්.
මේ අතර ජෙල් සහිත රත්‍රං ගුලි 03 ගුද මාර්ගයේ සැගවිය හැකි ආකාරයට ටේප් අධාරයෙන් ඔතා සකස් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනලදී සැකකරුට අද අලුයම ඩුබායි සිටි පැමිණි ගුවන්යානයකින් මෙරටට ආ තවත් ඉන්දීය ජාතිකයෙකු විසින් රත්‍රං ප්‍රමාණය ලබා දී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
සැකකරුවන් අවුරුදු 28 හා 43 වයස්වල පසුවන්නන්.
සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සදහා ශ්‍රී ලංකා රේගුව වෙත භාරදී තිබෙනවා.