විමර්ශනයක් පැවැත්වීමේ කොන්දේසියට යටත්ව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීමේ ලිපිය ඉවත් කර ගැනීමට සූදානම් බව අපේ ජන බල පක්ෂය අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ, සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට අපේ ජන බල පක්ෂය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ගොනු කර ඇති පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී එම පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ නව විමර්ශනයක් පැවැත්වීමේ කොන්දේසියට යටත්ව පෙත්සම්කාර රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමේ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බවයි.
ඊට විරෝධය පළ කළ රතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කළේ රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමේ ලිපිය ඉල්ලා අස්කර ගන්නේ නම් එය සම්පූර්ණයෙන්ම ඉවත් කරගත යුතු බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ගය ලබන 28 වනදා දැනුම් දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය අපේ ජන බල පක්ෂයේ නීතිඥවරයාට නියෝග කළා.