සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අන්තර් පළාත් පුද්ගලික බස්රථ ධාවනයට එක්කිරීමට හැකි වන පරිදි ඔවුන්ට රුපියල් ලක්ෂ 02 කට අධික සහන පැකේජයක් හඳුන්වාදෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පවසනවා.
යටතේ බස්රථ සඳහා ලිහිසි තෙල්, ටයර්, ඩීසල්, රක්ෂණය ආදිය සඳහා සහන වට්ටම් හා මුදල් ගෙවීමට සහන කාලයක් හිමිවනවා.
කිසියම් අයුරකින් ලබන පළමුවනදා රට විවෘත කලහොත් අනතුරුව පොදු ප්‍රවාහන සේවාව අනුගමනය කළ යුත්තේ කුමණ නිර්ණායකද යන්න පිළිබඳව අදාළ ආයතන මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද දිලුම් අමුණුගම මහතා කියාසිටියා.
