කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කළ බවට වන විද්‍යුත් එන්නත්කරණ සහතිකය දැනට නිකුත් කරනු ලබන්නේ විදෙස්ගතවීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් සදහා පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍රය යොමුකිරීමෙන් දින 5ත් 7ත් අතර කාලයකදී විද්‍යුත් එන්නත්කරණ සහතිකය අදාල පුද්ගලයා වෙත විද්‍යුත් ලිපිනය ඔස්සේ ලබාදීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය තොරතුරු පිළිබද අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කළ බවට වන විද්‍යුත් එන්නත්කරණ සහතිකය නිකුත් කිරීම පෙරේදා ආරම්භ කෙරුණා. එම සහතික පත්‍රය අවශ්‍යකරන පුද්ගලයින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk වෙබ් අඩවියට පිවිස අදාල අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු වනවා.
මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය තොරතුරු පිළිබද අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා.