හම්බන්තොට දිස්ත්‍රික්කයට ෆයිසර් එන්නත් ලබා දීම සම්බන්ධ තීරණය රජයේ තීරණයක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
මීට අමතරව එක් එක් එන්තත් වර්ග කුමන දිස්ත්‍රික්කවලට ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොව ජනාධිපතිවරයා ප්රමුඛ කොවිඩ් 19 කාර්ය සාධක බලකාය බවද අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළා.
වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ රට තුළ එන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලිය තීරණය කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.
පාසල් ළමුන්ට ලබා දීමට සැළසුම් කරගෙන ඇති ෆයිසර් එන්නත් තොගයේ ඇණවුම් මේ වන විට ලබා දී ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා සදහන් කළා.
ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී එන්නත් මාත්‍රා මිලියන 04ක් ලැබීමට නියමිත බවයි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.