රුපියල් කෝටි 200 ක වියදමින් රටපුරා නගර 100 ක් අලංකරණය කර එකවර සංවර්ධනය කිරීමේ සියක් නගර වැඩසටහන, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද කුරුණෑගල හිරිපිටිය නගරයෙන් ආරම්භ වුණා.
තමන්ට ළගම නගරය දියුණු වීම සම්බන්ධයෙන් ජනතාවගේ ඇති බලාපොරොත්තුව නිවැරැදිව තේරුම් ගනිමින් රජය මෙම පියවර ගත් බවයි අරලියගහ මන්දිරයේ සිට උත්සවය ඇමතූ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.
අපේ රට යන හැගීමෙන් රට වෙනුවෙන් කැප වී කටයුතු කරන තරුණ පරපුර එහිදී අග්රාමාත්යවරයාගේ විශේෂ ප්රශංසාවට ලක්වුණා.