රට අරාජික කරන විශ්වාසභංගවලට සහය නොදෙන බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.
ආණ්ඩුව භාර දීමට පොදුජන පෙරමුණ සූදානම් වුවත් විපක්ෂය එය භාර ගැනීමට බියක් දක්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා චෝදනා කළේ.
ඊට සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පිළිතුරු දීමත් සමග සංවාදකාරී තත්වයක් නිර්මාණය වුනා.