රටේ පවතින කොවිඩ් තත්වය පිළිබඳව සෑම පාර්ලිමේන්තු සතියකම අගහරුවාදා දිනයේදී වාර්තාවක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී එකගතාවය පළ කළා.
ඇය එසේ කියාසිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කල ඉල්ලීමකට පිළිතුරු දෙමිනුයි.
අග්‍රාමාත්‍යවරයා විසින් හෝ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සෑම පාර්ලිමේන්තු සතියක් ආරම්භයේදීම රටේ පවතින කොවිඩ් වංසගත තත්වය පිළිබද යාවත්කාලීන කිරිමක් සිදුකරන්නැයි වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියා.
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විසින් විවිධ මත පළ කිරීම මත ඇති වන ගැටලූ සහගත තත්වයන් මෙමගින් විසදා ගැනිමට හැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
එම යෝජනාවට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ පාර්ලිමේන්තු සතිවල සෑම අගහරුවාදා දිනකම රටේ කොවිඩ් තත්වය පිළිබද වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
