මේ රටේ කාන්තා පරපුර අද වන විට මුහුණ දී සිටින තත්ත්වය ඉතා කනගාටුදායක බවත් දිනෙන් දින මේ රට තුළ තුළද කාන්තා හිංසනය ඉහළ යමින් පවතින බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් වශයෙන් විස්තර කළ විපක්ෂ නායකතුමා, රටේ සියයට පනස් දෙකක් වූ කාන්තාවන්ගේ කාන්තාවන් ගේ හෙට දවස ආලෝකමත් කිරීමට නම් විධිමත් ශක්තිමත් සහ තිරසාර වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය කළේය. මේ වන විට ලංකාවේ දරු පරපුරේ අධ්‍යාපනය තෙවසරක් තිස්සේ කඩා වැටී ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා අධ්‍යාපනය සහමුලින්ම අවිධිමත් තත්ත්වයට පත්ව ඇතැයිද පැවසීය.