රට හමුවේ පවතින අර්බුදකාරී තත්වයට ජනතාව සතු එකම විකල්පය ජාතික ජන බලවේගය මූලික කරගත් ආණ්ඩුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.
මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔශු කියා සිටියේ එම විකල්පයට නොයා වෙනත් කණ්ඩායම් පසුපස ගියහොත් රටේ අනාගත පරපුර විනාශයට පත්වනු ඇති බවයි.
රටේ පවතින ගැටලු විසදීම සදහා වන කිසිදු යෝජනාවක් වත්මන් ආණ්ඩුවට ඉදිරිපත් කිරිමෙන් එලක් නැතැයිද ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නා.