රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක පුරවැසියන් වෙනුවෙන් වසර 02 කට වැඩි කාලයක් වසා දමා තිබූ නවසීලන්ත දේශ සීමා අද සිට විවෘත කර තිබෙනවා.
ඒ අනුව නවසීලන්තයට පැමිණීමට වීසා අවශ්‍ය නොවන රටවල පූර්ණ එන්නත්කරණයට ලක්වූ සහ කොවිඩ් පරීක්ෂණයේදී සෘණාත්මක වන පුද්ගලයන්ට අද සිට නිරෝධායනයකින් තොරව නවසීලන්තයට පැමිණීමට අවස්ථාව උදාවනු ඇති.
කෙසේවෙතත් මෙම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව අයත් වන්නේ නැහැ.
නවසීලන්තය පසුගිය මාසයේදී ඔස්ටේ්රලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් වෙනුවෙන්ද සිය දේශ සීමා විවෘත කරනු ලැබුවා.
කොවිඩ් වසංගත තත්වය හමුවේ නවසීලන්තය විසින් පළමු වරට සිය දේශ සීමා වසා දමනු ලැබුවේ 2020 වසරේ මාර්තු මාසයේදීයි.
මේ අතර තවත් ජාත්‍යන්තර ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ඔස්ටේ්රලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2025 වසර වනවිට සිඩ්නි සිට නිව්යෝර්ක් සහ ලන්ඩන් දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.
ඒ සඳහා ඒ 350 වර්ගයේ ගුවන් යානා 12 ක් ඔවුන් විසින් ඇණවුම් කර ඇති බවද සඳහන්.
දැනට මෙම ගමනාන්ත සඳහා වැය වන කාලය අඩු කර ගැනීමයි මෙහි ප්‍රධාන අරමුණ වන්නේ.
ඒ අනුව සිඩ්නි – නිව්යෝර්ක් ගුවන් ගමන පැය 18 කට අඩු කර ගැනීමට හැකිවනු ඇති බවයි ක්වන්ටාස් සමාගම සඳහන් කලේ.
