ටොංගා දූපතට බලපෑ සුනාමියත් සමග රටවල් රැසක් නිකුත් කල සුනාමි අනතුරු ඇගවීම් තවදුරටත් බලාත්මකයි.
අමෙරිකාව – ජපානය – ෆිජී සහ නවසීලන්තය සිය රට වැසියන්ට දන්වා ඇත්තේ වෙරළාසන්න ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසයි.
පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් රැසක මුහුදු රළ ඉහළ යාම් ද වාර්තා වී තිබෙනවා.
මේ අතර ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර වෙරළ තීරයන්ට නිකුත් කල සුනාමි අනතුරු ඇගවීමත් සමග වෙරළ තීර රැසක් වසා දමා තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම වෙරළ තීරයන් වසා දමා ඇති අතර ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල කොටස් වශයෙන් වෙරළ තීරයන් වසා දමා දැමීමටයි බළධාරීන් දන්වා ඇත්තේ.
කිසියම් අයුරකින් මීටර් 10 කට වඩා උස රළ නිරීක්ෂණය කලහොත් ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසද කාළගුණ අංශ ජනතාවට දන්වා සිටිනවා.
පවතින තත්වය හමුවේ අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ලෙසත් ආරක්ෂිත උපදෙස් නිසි පරිදි අනුගමනය කිරිම පමණක් සිදුකරන ලෙසටත් ජනතාවට දැනුම් දෙනවා.