රටවල් රැසක අද පෙරවරුවේ ගූගල් සෙවුම් වෙබ් අඩවිය බිඳ වැටීමකට ලක්වුණා.
කෙසේවෙතත් මේ වනවිට ගූගල් වෙබ් අඩවිය නැවතත් යථා තත්වයට පත්කරමින් පවතින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පිහිටා ඇති ගූගල් දත්ත මධ්‍යස්ථානයේ කිසියම් පිපිරීමක්ද සිදුවී තිබුණා.
එහිදී 03 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ලොව පුරා සිදුවූ ගූගල් බිඳ වැටීමට හේතුවද එය ලෙසටයි සැළකෙන්නේ.
