පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්මත කරගැනීම තුළින් රටපුරා පෞද්ගලික විශ්ව විද්‍යාල ජාලයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.
අදාල පනත හරහා පෞද්ගලික විශ්ව විද්‍යාල ජාලයක් ස්ථාපිත කර එය පරිපාලනය කිරීමේ වගකීමද කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය යටතට පත්වන බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ.
කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්මතවීමෙන් පසුව පත්කෙරෙන පරිපාලන කවුන්සලයේ සාමාජිකයන්ගේ දැනුම පිළිබදව බරපතල සැකයක් පවතින බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී කියා සිටියා.