සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

රටපුරා කොවිඩ් ව්‍යාප්තවෙන්න හේතුව සංචාරකයින්ට රට විවෘත වීමද?

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
රටපුරා කොවිඩ් ව්‍යාප්තවෙන්න හේතුව සංචාරකයින්ට රට විවෘත වීමද?
0
SHARES
32
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සංචාරකයන්ට රට විවෘත වීම නිසා කොවිඩ් පැතිරෙන බවට එල්ලවන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොවිඩ් වසංගතය රටතුළ පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිතයි.

 මෙරට සංචාරක ව්‍යාපාරය හේතුවෙන් කොවිඩ් වසංගතය පැතිර ගිය බවට නැවතත් විපක්ෂයට සම්බන්ධ පිරිස් හා ඇතැම් පාර්ශව චෝදනා කරනු දක්නට ලැබේ. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ මෙරටට යුක්රේනයෙන් සංචාරකයන් ගෙන ඒම හරහා කොව්ඩ් වසංගතය පැතිර ගිය බවයි. තවත් පිරිසකගේ චෝදනාව වී ඇත්තේ ඉන්දියානු ඩෙල්ටා ප්‍ර භේදය රට තුළ පැතිර යාමට ද සංචාරකයන්ට රට විවෘත කිරීම හේතු වූ බවය. ඇතැමුන් සිය රාජපක්ෂ විරෝධය නිසාම යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම ද ඈදා ගනු දක්නට ලැබේ. මේ නිසා විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහි නිවැරිදි තත්ත්වය රටට පැහැදිලි කිරීම මගේ වගකීමක් ලෙස සලකමි.

 

‘සංචාරක බුබුළ සංකල්පය‘ රජයේ හෝ සංචාරක අමාත්‍යංශයේ හිතුවක්කාර ක්‍රියාවලියක් නොවේ. එය දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය බළධාරීන් සමග ද සාකච්ඡා කර සෞඛ්‍ය බළධාරීන් විසින් විටින් විට නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කොවිඩ් වසංගතයෙන් බිද වැටුණු සංචාරක ව්‍යාපාරයේ  නිරත ව සිටි ලක්ෂ 30 ක් පමණ වන මෙරට ජනතාවට සහන සැලසීම සදහා රජය  ගනු ලැබු පියවරකි.

සංචාරකයන්ට රට නිළ වශයෙන් වීවෘත කිරීමට තීරණය කිරීමෙන් පසු ඒ සදහා නියාමන ව්‍යාපෘතියක් හදුන්වා දුන් අතර එය ආරම්භ කළේ 2020 දෙසැම්බර් 23 වන දිනය. ඒ අනුව මෙම නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ කාලය තුළ සංචාරකයන්  සංචාරක ජෛව බුබුළක් යටතේ මෙරටට ගෙන්වීමට දෙස් විදෙස් සංචාරක සංවීධාන නියෝජිත ආයතනවලට අවස්ථාව හිමි විය. නියාමන ව්‍යාපෘතිය යටතේ යුක්රේනය, කසකස්ථානය ඇතුළු රටවලින් 2258 ක් මෙරටට පැමිණි අතර ඉන් අසාදිතයන් වාර්තා වූණේ 09 දෙනෙකු පමණි.  ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා නිළ වශයෙන් වීවෘත කෙරුණේ 2021 ජනවාරි 21 වන දිනය නියාමන ව්‍යාපෘතිය ආරම්භ වු 2020-12-28 වන දින සිට 2021-08-12 වන දින දක්වා මෙරටට සංචාරකයන් 21,915 දෙනෙකු පැමිණ ඇති අතර ඉන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 220 දෙනෙකි. එයින් 150 දෙනෙකු මේ වන විට සුව වී සිය රට බලා ගොස් ඇති අතර සෙසු පිරිස සෞඛ්‍ය අංශ වල දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙතෙක් කොවිඩ් අසාදීත යැයි වාර්තා වී ඇති සංචාරකයන් 220 දෙනාගෙන් කිසිවෙකු මෙරට සමාජය හා සම්බන්ධ නොවිණි. සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ක්‍රියවලිය ජෛව විද්‍යාත්මක බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් ආසාදිතයන් සමාජයට නිරාවරණය වුයේ නැත. දෙවන කොවිඩ් රැල්ල පැතිර යන කාලය තුළ රට සංචාරකයන්ට වීවෘත කර නොතිබු අතර රට සංචාරකයන්ට විවෘත වුයේත් නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුයේත් කොවිඩ් දෙවන රැල්ලෙන් පසුව බව සෞඛ්‍ය වාර්තා තහවුරු කරයි. ඉන්දියානු ඩෙල්ටා ප්‍ර භේදය හා දකුණු අප්‍රිකානු ප්‍ර භේදය ද මෙරට මුලින් ම වාර්තා වී ඇත්තේ ද එම රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදොනකුගෙන් බව ද සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණි.

සංචාරකයන් මෙරටට ගෙන්වීමේ දී සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක අමාත්‍යාංශය කටයුතු කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි. සංචාරකයන් ගෙන්විම සදහා කටයුකු කරන සියලුම සංචාරක නියෝජිත ආයතනවලට ඊට අදාළව උපදෙස් ලබා දී ඇති අතර එම උපදෙස් නිසි ලෙස අනුගමනය නොකරන ආයතනවලට එරෙහි ව දැඩි පියවර ගන්නා ලෙස ද අදාළ අංශ වෙත මා විසින්  උපදෙස් දී තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ බරපතළම කඩා වැටීමකට ලක් වු ව්‍යාපාරය වන්නේ ද සංචාරක ව්‍යාපාරයයි. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් සංචාරක ව්‍යාපාරයට යළි විවෘත කර ඇති අතර මෙරට ජාතික ආර්ථිකයට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන ක්ෂේත්‍රයක් වන සංචාරක ව්‍යාපාරය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට මුල් තැන දෙමින් ශ්‍රී ලංකාව ද ආරම්භ කළේ එම කර්මාන්තයේ නිරත ජනතාවට යම් අස්වැසිල්ලක් ලබාදීම සදහායි. සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආණ්ඩුව විවේචනය කිරීම පමණක් සිය දේශපාලනය කරගත් විපක්ෂය හා ඔවුන්ට කත් අදින විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් මේ වන විට සංචාරකයන්ට රට විවෘත වීම නිසා කොවිඩ් පැතිරෙන බවට කරන ප්‍රකාශ කිසිදු පදනමක් නැති ද්වේශ සහගත දේශපාලන සම්ප්‍රප්පලාපයන් පමණි. මේ සදහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම ඈදා ගැනීම මගින් ද එය තහවුරු වෙයි.

සංචාරක කර්මාන්තය යලි නගාසිටුවීම සදහා ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් හා මග පෙන්වීම මත බැවින් මෙවැනි පටු දේශපාලන බේගල් වලට නොරැවටෙන්න යැයි සමස්ථ ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: කොවිඩ් පැතිරෙනප්‍රසන්න රණතුංගරට විවෘතසංචාරක අමාත්‍සංචාරකයන්ට
Previous Post

සර්ව පාක්ෂික හමුවක් කැදවන්නැයි රනිල් ඉල්ලයි

Next Post

භාණ්ඩමිල ඉහළයාමෙන් ජනතාවට සිදුවන පාඩුවට වගකියන්නේ කවුද?

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
භාණ්ඩමිල ඉහළයාමෙන් ජනතාවට සිදුවන පාඩුවට වගකියන්නේ කවුද?

භාණ්ඩමිල ඉහළයාමෙන් ජනතාවට සිදුවන පාඩුවට වගකියන්නේ කවුද?

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In