මෙරට කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනයට සමගාමීව රටපුරා අදාහනාගාර වල ධාරිතාවද වැඩි කල යුතු බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය පවසනවා.
දිනපතා 100 කට ආසන්නව කොවිඩ් මරණ වාර්තා වීමත් සමග සියලු ප්‍රධාන රෝහල් වල මෘත ශරීරාගාරවල ධාරිතාවද ඉක්මවා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කිරීම සදහා රටේ ආදාහනාගාර පද්ධතියද ප්‍රමාණවත් නොවන මට්ටමකට ළගා වී ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියා.
