රටතුල වත්මන් කොවිඩ් වසංගත තත්වය තක්සේරු කර ගැනීමේ දැඩි අපහසුතාවකට පත්ව සිටින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා.
කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීමේ පරික්ෂණ අඩුකර තිබීම ඊට හේතුව බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
ඩෙල්ටා ප්‍රබේදය ආසාදනයවූවන් දිවයිනපුරා සිටිය හැකි බවත් අහඹු පරික්ෂණ සිදුකර ඩෙල්ටා ප්‍රබේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් කළ යුතු බවත් ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දුන්නා.
කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් ප්‍රචාරයවන වැරදි තොරතුරු පිළිබද සැළකිල්ලක් නොදක්වන ලෙසත් අවස්ථාවක් ලද විගස එන්නත ලබා ගන්නා ලෙසත් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.
