රටතුල දැඩි ඖෂධ හිගයක් මේවනවිට පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පවසනවා.
පිළිකා රෝගීන්ගේ සහ දියවැඩියා රෝගීන්ගේ ඖෂධ ඇතුලු ඖෂධ ගණනාවක් මෙලෙස හිග බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා කියා සිටියේ.
මේවනවිට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල පිරිහීමකට ලක්ව ඇති බවද රාජිත සේනාරත්න මහතා මෙහිදී කියා සිටියා.