රජය ලබාදුන් නව සහන හමුවේ මිළ ඉහල නැංවීමකින් තොරව පැරණි මිළටම ආනයනික කිරිපිටි හිගයකින් තොරව වෙළදපලට නිකුත් කිරීමට සමාගම් කිහිපයක් එකගතාව පළකර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ලෝක වෙලදපලේ කිරිපිටි මිළ ඉහල යාමට සාපේක්ෂව මෙරට වෙළදපලේ කිරිපිටි මිළ ඉහල නැංවීමට රජය අවසර නොදීම හමුවේ කිරිපිටි හිගයක් ඇතිවු බවද ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.