රජයේ ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව එම සංශෝධිත චක්‍රලේඛය නිකුත් කර ඇත.
ලබන සඳුදා (09) සිට කාර්යාල සඳහා කැඳවිය යුත්තේ සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණි.
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කාර්යාලයට එකවර කැඳවන සේවකයින් ප්‍රමාණය තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට හිමිවන බවය.
