රසායනික පොහොර ඇණවුම් කර තිබූ තවත් සමාගම් 07 කට ඒවා ආනයනය සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය අවසර දී තිබෙනවා.
යූරියා සහ සින්ක් සල්ෆේට් ආනයනය සඳහා මෙලෙස අවසර දී ඇති බවයි මාධ්‍යයට අදහස් දක්වමින් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා කියා සිටියේ.
මේ අතර රජයෙන් නොමිලේ ලබාදෙන කාබනික දියර පොහොරවලින් නිසි ප්‍රයෝජන නොගෙන එම පොහොරවලට ප්‍රසිද්ධියේ හානි කරන්නන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල අංශ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා අවධාරණය කළා.
ඇතැම් ප්‍රදේශවල ගොවීන් කාබනික දියර පොහොර බෝතල් පොළවේ ගසා හානිකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ මෙය රජයේ දේපළ අවභාවිත කිරීමක් බවයි.
ප්‍රමිතියෙන් යුත් දියර පොහොර ලබා දී තිබියදීත් කාබනික වගාවට යොමුවීමේ රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමේ අරමුණින් කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරතවන බවද ඔහු පෙන්වා දුන්නා.
කාබනික දියර පොහොර වර්ග ප්‍රමිතියෙන් තොර බවට කවුරුන් හෝ චෝදනා කරන්නේනම් එය සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්විය යුතු බවද චන්දන ලොකුහේවා මහතා සඳහන් කළා.
දේශියත්වය අගය නොකරනතාක් රටකට ඉදිරියට ගමන් කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.
මේ අතර ශ්‍රී ලංකාවට පොහොර ආනයනය සඳහා තවත් සමාගමකට අවසර දී ඇති අතර තවත් සමාගම් 06 ක් අනුමැතිය ඉල්ලා ඇති බවද ඔහු මෙහිදී සඳහන් කලා.