රජයක් ගෙන යාමට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තුනෙන් දෙකෙහි බලය අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී පමණක් බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පියවර ගැනීමට ආණ්ඩුව ප්‍රමාද බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද ප්‍රසන්න රණතුංග මහතා මෙලෙස අදහස් පළ කළා.