රූගත කිරිමක් අවසන් කර අද අලුයම කොළඹ දක්වා පැමිණෙමින් සිටියදී රිය අනතුරකින් මිය ගිය ප්‍රවීණ රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මිය ගමන් ගත් වෑන් රථයේ රියදුරා ලබන මස 03 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් තිලකා හේරත් මහත්මියයි නියෝගය ලබාදුන්නේ.
අද අලුයම 12 යි 10 ට පමණ මෙම වෑන් රථය හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල නගරය ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් පමණ කොත්මලාඔය දෙසට පෙරලීමෙනුයි මෙම අනතුර සිදුවූයේ.
හයිසින්ත් විජේරත්න මහත්මියගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත අද පස්වරුවේ යොමු කෙරුණා.
වෑන් රථයේ රියදුරාට නින්ද යාම හමුවේ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදු වී ඇති බවත් ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවත් පොලිසිය සඳහන් කලා.
