2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු විශාල ලෙස ඉහළ දැමීමට අද (01) සිට පියවර ගෙන ඇත.
ඒ අනුව යෝගට් ආනයනයේදී කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 1000ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයට රුපියල් 2000 දක්වා ඉහළ දමා තිබේ.
සියලුම වර්ගවල චීස් සඳහා කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 400ක විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 600 දක්වා ඉහළ යනු ඇති.
දොඩම් ආනයනයේදී කිලෝග්‍රෑමයට රුපියල් 200ක්ව තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600ක් දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබේ.
මිදි සහ ඇපල් ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 300 සිට රුපියල් 600 දක්වාය.
HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.
එම භාණ්ඩ සඳහා අයකෙරෙන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ළෙස ඉහළ දමමින් මෙම තීරණය ගෙන තිබේ.
අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික නව විශේෂ භාණ්ඩ බද්දක් යටතේ සියලුම ආනයනයන භාණ්ඩ සඳහා වන බදු සියයට 15 සිට 200% දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙම බදු ඉහළ දැමීම මාස 06 ක කාලයක් සඳහා වලංගු වන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.
මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා ටයර් සඳහා වන බදු සීයයට 50 කින් ඉහළ දමා තිබෙනවා.
වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, මයික්‍රෝවේව්, ෆ්‍රිජ්, දුරකථන සඳහා වන බදු 100% කින් ඉහළ දමා ඇත.
අනෙකුත් විදුලි උපකරණ සඳහා වන බද්ද 15% කින් ඉහළ දමා තිබේ.
චොකලට් සඳහා බද්ද 200%ක් ඉහළ දමා ඇති අතර LED බල්බ සහ සැරසිලි සඳහා වන බද්ද 50% කින් ඉහළ දමා ඇත.
