චීනය විසින් පිරිනමන යුවාන් මිලියන 500 ක ආධාර තොගයේ පළමු කොටස අද දිවයිනට ළගාවීමට නියමිතයි.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කලේ යුවාන් මිලියන 10 ක් වටිනා ජීවිතාරක්ෂක එන්නත් සහිත සිරින්ජර තොගයක් මෙලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි.
මෙම ප්‍රදානය යටතේ එනොක්සැපරින් සෝඩියම් එන්නත් සහිත සිරින්ජ 512,640 ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් එය මාස 6 කට ප්‍රමාණවත් බවත් චීන තානාපති කාර්යාලය සඳහන් කලා.
එන්නත් තොගය අදියර දෙකකින් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති.
පළමු තොගය ලෙස එනොක්සැපරින් සෝඩියම් එන්නත් සහිත සිරින්ජර 256,320 ක් අද මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට චීනයට අයත් ගුවන් යානයකින් රැගෙන එන අතර අනිත් තොගය මෙම මස මැද භාගයේ ලැබීමට සලස්වන බවත් ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.
