එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ යුපුන් අබේකෝන් සහභාගි වන අවසන් පූර්ව වටය අද පැවැත්වෙනවා.
අවසන් පූර්ව වටයේ තුන්වැනි තරගයට ඔහු සහභාගීවන අතර එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 11 යි 56 ට ආරම්භවීමට නියමිත අතර හෙට අලූයම 2.00ට මීටර් 100 ඉසව්වේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඊයේ පැවති මීටර් 100 සුදුසුකම් ලැබීමේ පළමු වටයේ තරගයකින් ප්‍රථම ස්ථානය දිනා ගත් යුපුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
ඒ එම තරගය තප්පර 10.06 කින් නිමා කරමින්.