ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත්වීමට ශ්රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ටද සිදුවුණා.
පස්වරුවේ පැවති පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයේදී ඔහු තරගය අවසන් කලේ 06 වැන්නා ලෙසයි.
ගත කල කාලය තත්පර 10 යි දසම 3 යි 2 ක්.
මේ අනුව ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩක ක්රීඩිකාවන් 09 දෙනාගෙන් 08 දෙනෙකුටම මේ වනවිට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබෙනවා.
තරග කිරීමට ඉතිරිව සිටින්නේ අශ්වාරෝහක ක්රීඩිකා මැටිල්ඩා කාර්ල්සන් පමණයි.
