මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවක් සහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද සමත් වුණා.
ඉතාලියේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර 200 ධාවන ඉසව්ව තත්පර 20.37 කින් නිම කරමින් එම වාර්තා ද්විත්වය පිහිටුවීමටයි ඔහු සමත්වූයේ.
යුපුන් විසින් බිඳ හෙලනු ලැබුවේ 2018 වසරේදී විනෝජ් සුරංජය තත්ත්පර 20.68 ක කාලයක් වාර්තාකරමින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.
ඉන්දියාවේ අම්ලන් බෝර්ගෝහයින් පිහිටුවා තිබූ තත්පර 20.52 ක දකුණු ආසියානු වාර්තාව ද යුපුන් අබේකෝන් මෙමගින් බිඳ දැමීම විශේෂත්වයක්.
මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට ද හිමිකම් කියන්නේ යුපුන් අබේකෝන්. ඔහු එම වාර්තාව පිහිටුවා තිබෙන්නේ තත්ත්පර 10.15 ක දක්ෂතාවක් වාර්තා කරමින්.
