එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත යාමට අපහසු පුද්ගලයන් සදහා ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ ජංගම වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් අද (12) ආරම්භ කෙරුණා.
පළමු අදියර යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර ඒ අනුව අද දිනයේදී උතුරු කොළඹ ප්‍රදේශයේත් හෙට දිනයේදී දකුණු කොළඹ ප්‍රදේශයේත් මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුව ඉදිරියේදී දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.