යුගදනවි බලාගාර ගිවිසුම සති දෙකකට පෙර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බැවින් එය වෙනත් පාර්ශවයක් අතට පත්වීම පුදුම සහගත කරුණක් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
අදාල ගිවිසුම වසන් කිරීමේ අරමුණක් රජයට ඇත්නම් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කලේ රාජගිරිය ප්‍රදේශයේදි මාධ්‍යයට අදහස් දක්වමින්.
රට හමුවේ ඉතා බැරෑරුම් ආර්ථීක අභියෝගයක් මතුව ඇතැයිද විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.